හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශක් ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.

ඒ, රුපියල් හාර කෝටි හැට ලක්‍ෂයක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට ඔහු අපොහොසත් වීම හේතුවෙන් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් අනුෂ පැල්පිට මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.