‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 640ක් ලෙස ඉහළ ගොස් ඇති අතර අතුරුදන්ව ඇති සංඛ්‍යාව 194ක්.

සුරක්ෂිත මධ්‍යස්ථාන 845ක පුද්ගලයින් 83,361 දෙනෙකු තවදුරටත් රඳවා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

එමෙන්ම බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් අවදානම ඉදිරි පැය 24ට අදාලව තවදුරටත් දීර්ඝ කරන බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කළා.

මේ අතර ආපදාවට ලක්ව ඇති නිවාස සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කරුණු පැහැදිලි කළා.