Published
මෙම වසරේ නොවැම්බර් දක්වා වූ මාස 11ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 15,766ක අපනයන ආදායමක් උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
එහි සභාපති මංගල විජේසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පසුගිය නොවැම්බර් මාසයේදී පමණයක් අමෙරිකානු ඩොලර් 1,364ක අපනයන ආදායමක් උපයා ඇති බවයි.
එය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 5යි දශම 8ක වර්ධනයක් බවද ඔහු කියා සිටියා.
අපනයන ආදායමට ඇඟලුම් ක්ෂේත්‍රයෙන් වැඩිම දායකත්වයක් ලැබී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.




