අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 563 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පුද්ගලයින් 26,732 දෙනෙකු එම මෙහෙයුම්වලදී පරික්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරට අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 15 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 206 දෙනෙකු ඇතුළත්. බීමත් රියදුරන් 53 දෙනෙකු සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ද එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.