Published
පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා සිදු කරන මෙහෙයුම යටතේ අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 789ක්. වරෙන්තුකරුවන් 443 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත් රියදුරන් 48ක්, අපරික්ෂාකාරී රිය පැදවූ 27ක් සහ රථ වාහන වැරදි සම්බන්ධයෙන් 3,737 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ දක්වා පරික්ෂා කර ඇති සංඛ්‍යාව 26,015ක්.