Published
නීතිය ඉදිරියේ සැමදෙනාම සමාන බව කියන මූලධර්මයට නියත වශයෙන්ම පණ දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට මෙන්ම පූජ්‍ය පක්ෂයටද සුවිශේෂී වගකිමක් පැවරී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ පුණ්‍යොත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රට තුළ ක්‍රියාත්මක අපරාධ ජාලය නියත වශයෙන්ම අවසන් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළා.