අපරාධ රැසකට වරෙන්තු නිකුත්වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මෝදර, ලෙල්ලම ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 890ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු 25 හැවිරිදි සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර කේරළ ගංජා සමඟ සැකකාරියක් පේදුරුතුඩුව, පුලෝලි - බටහිර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමේදීයි.

එහිදී කේරළ ගංජා කිලෝ 104 ග්‍රෑම් 660ක් අඩංගු පාර්සල් 45ක් සමඟ එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

සැකකාරිය වයස අවුරුදු 47ක් වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.