අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී සැකපිට පුද්ගලයින් 641 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 21 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 241 දෙනෙකු ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

විවෘත වරෙන්තුකරුවන් 174 දෙනෙකු සහ බීමත් රියදුරන් 31 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්.

ඊයේ දිනය තුළදී පරික්ෂාවට ලක්කර ඇති මුලු පුද්ගලයින් ගණන 28,697ක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.