අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දිවයින පුරා ක්‍රියාත්මක මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී සැකපිට පුද්ගලයින් 679 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් 29,395 දෙනෙකු ඊයේ දිනයේද පරික්‍ෂාවට ලක් කර ඇති බවයි.

අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 28 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 208 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්. \

විවෘත වරෙන්තුකරුවන් 169ක්, බීමත් රියදුරන් 27ක් සහ අපරික්‍ෂාකාරී ලෙස රිය පැදවීම් සිදුකළ පුද්ගලයින් 28 දෙනෙකුද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.