දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 27,716 දෙනෙකු පරික්‍ෂා කළ බව පොලීසිය පවසනවා.

ඒ අනුව එම මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 630 දෙනකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ඍජුව හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් ගණන 299ක් වන අතර විවෘත වරෙන්තුකරුවන් 153 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.