අපවත් වී වදාළ විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බෝධිමළුවේ සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ පොහෝ දින මෙන්ම අවස්ථා ගණනාවක ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස කටයුතු කළ උන්වහන්සේ අපවත් වන විට 56 වන වියේ පසුවුණා.

නාරම්මල මැටියගනේ රාජකුමාර උයන වයඹ සත්ජය දහම් නිකේතනයේ නිර්මාතෘ වූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අපවත් වී වදාළා.

අද පස්වරුවේ පැවැත්වෙන උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ කරුණු දැක්වූ පූජ්‍ය බෝධිමළුවේ සංඝානන්ද හිමියන්ගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය ශාස්ත්‍රපති, මැටියගනේ සීලාලනන්ද ස්වාමීන් වහන්සේ.

ඪධෂක්‍ෑ ක්‍ඹඔ – :ීෑෑඛ්භ්භෘ් ්‍යෂඵෂ 01*