ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අභිනවයෙන් පත්වූ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ අබෙිරත්න මහතා අද(11) පෙර වරුවෙි මහ සඟරුවනේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ වැඩභාර ගැනීම සිදුකර තිබෙනවා.

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද, නාහිමියන් ප්‍රමුඛ කතරගම අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම ශ්‍රී සරණතිස්ස, සෙල්ලකතරගම මහසෙන් රාජමහා විහාරාධිපති පඩව්ගම ජිනානන්ද, වැඩසිටි කන්ද රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඥානානන්ද, තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන යන විහාරාධිපති හිමි වහන්සේලා සෙත්පිරිත් සජ්ජායනා හා අනුශාසනා සඳහා වැඩම කර තිබෙනවා.