අම්බලන්ගොඩ නගර සභාව අසල අද උදෑසන සිදුවූ වෙඩි තබා සැකකරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගෙන තිබෙනවා.
කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේ සැකකරුවන් විසින් දමා ගොස් තිබිය දී මෝටර් රථය සොයා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ
මෙම වෙඩි තැබීම සිදු වුණේ අද උදෑසන 10.30ට පමණයි. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මෙම ව්‍යාපාරිකයා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර සිටියා.
වාර්තා පළ වන ආකාරයට ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දා නැමති පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයාට මෙලෙස වෙඩි තබා ඇති බවටද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.



