ගම්පොළ, අම්බුලුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අවසරය අහෝසි කිරීමට හෝ එය ආපසු කැඳවීම පිළිබඳව ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ලබන 15 වනදා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්වය භාර අරමුදල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම ලබන 15 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් නියම කෙරුණා.