Published
2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා ගතවූ මාස 07ක කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින්, ජූලි මාසය තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 697යි දශම 3ක් විදෙස් රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට එවා ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකු දත්ත වාර්තා පවසනවා. එය 2024 වර්ෂයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 566යි දශම 8ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 19යි දශම 5ක වර්ධනයක් බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ. ඒ අනුව මෙම වසරේ ගතවූ කාලය තුළ මුළු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 4යි දශම 43ක් මෙරටට ලැබී තිබෙනවා.