Published
අමෙරිකාව විසින් පැන වූ තීරු බදුවලින් මෙරට ආර්ථිකයට ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා දේශීය වශයෙන් අපනයන ක්ෂේත්රය ශක්තිමත් කළ හැකි ක්‍රියාමාර්ග ගත යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්රියන්ග දුණුසිංහ මහතා පැවසුවේ ඒ සඳහා දේශීය වශයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය ප්රියන්ග දුණුසිංහ මහතා.
අමෙරිකාවේ හෝ වෙනත් රටක අනුකම්පාව මත මෙරට අපනයන ක්ෂේත්රය රඳා පැවතීම වෙනුවට ඉන් ඔබ්බට ගොස් තරගකාරීත්වය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද මහාචාර්ය ප්රියන්ග දුණුසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.