අමෙරිකාව විසින් ඉහළ දැමූ තීරු බද්ද සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.

අමෙරිකානු තීරු බද්ද අඩු කර ගත හැක්කේ ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ සහන ලබාදීමෙන් පමණක් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

ඉදිරියේදී සිය කඳවුරේ දේශපාලන ගමන ශක්තිමත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා.

මේ අතර ලබන වසරේ රටේ සැලකිය යුතු සංවර්ධනයක් සිදු වන බවයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ.