අමෙරිකාව ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හමාස් සංවිධානය කියා සිටියේ, ගිවිසුම යටතේ ඊශ්‍රායලයේ ජීවමාන පලස්තීන ප්‍රාණ ඇපකරුවන් දස දෙනෙකු සහ මළ සිරුරු 18ක් නිදහස් කරන බවයි.

තවද යෝජනාවේ කිසිදු වෙනසක් අපේක්ෂා කරන බව එම ප්‍රකාශයේ සඳහන් නොවූ නමුත් හමාස් සංවිධානයේ ඇතැම් සංශෝධන යෝජනා සඳහා ඊශ්‍රායල  ප්‍රතිචාරය ධනාත්මක බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සඳහන් කර සිටියේ.

මේ අතර  අමෙරිකානු සටන් විරාම යෝජනාව ඊශ්‍රායලය පිළිගන්නා බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායලය අවධාරණය කර ඇත්තේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ කළ යුතු බවත්, හමුදා සහ පාලන හමුදාවක් ලෙස විසුරුවා හැරිය යුතු බවත්ය.

යුද්ධය අවසන් කිරීමට එකඟවීමට පෙර ගාසා තීරයේ තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 58 දෙනාම ආපසු ලබා දිය යුතු බවද ඊශ්‍රායලය අවධාරණය කරනවා.

තවද හමාස් සංවිධානය තම අවි අත්හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඊශ්‍රායලය ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර යුද්ධය අවසන් කිරීමට කැපවිය යුතු බවද ඊශ්‍රායල වැඩිදුරටත් දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.