Published
දේශපාලන කටයුතු පිළිබද අමෙරිකා එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මිය අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඇයගේ මෙම සංචාරයේදි ශ්‍රී ලංකා බලධාරීන් සමග කරුණු රාශියක් පිළිබද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කළේ.
ආර්ථික හා වාණිජ සබදතා පුළුල් කර ගැනීම, ආරක්‍ෂක සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමුද්‍රීය සහයෝගිතාවට අදාළ කරුණු සම්බන්ධයෙන් එම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවද අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කළා.




