ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් රුසියාවේ සංචාරයකට සූදානම් වනවා. ලබන සතියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ රුසියානු සංචාරය සිදුවීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එම සංචාරය සිදුවන්නේ ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවෙන් එල්ල වී ඇති විරෝධය මධ්‍යයේ වීම විශේෂිත කරුණක්. ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද පසුගිය සතියේ රුසියාවේ සංචාරයක නිරත වුණා. එහිදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් ඇතුළු ඉහළ නිලධාරින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත් වුවා. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ දෙදින රුසියානු සංචාරයේදී රුසියාවේ විදේශ අමාත්‍යවරයා මෙන්ම රුසියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.