ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ක්‍රියාත්මක වුවද, ඔක්තෝබර් මාසයේදී අමෙරිකාවට ඉන්දියාවේ භාණ්ඩ අපනයනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 14යි දශම 5කින් ඉහළ ගොස් ඇති බවයි.

ඉකුත් අගෝස්තු 27 වන දින ඉන්දියාවට අමෙරිකාව විසින් සියයට 50ක තීරුබදු පැනවූවා.

ඒ, රුසියානු තෙල් මිලදී ගැනීම ද ඉලක්ක කර ගනිමින්.

මෙම බදු ක්‍රියාත්මක වීමෙන් පසු ඉන්දියාවේ විශාලතම විදේශ වෙළඳපොළ වන අමෙරිකාවට කළ අපනයන තියුණු ලෙස පහත වැටී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුව අමෙරිකාවෙන් ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් හෙවත් ඛඡ ගෑස් ආනයනය කිරීමට ඉන්දියානු රාජ්‍ය තෙල් සමාගම එකඟ වුණා.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවේ බොහෝ කෘෂිකාර්මික භාණ්ඩ අන්‍යෝන්‍ය තීරුබදුවලින් නිදහස් කිරීමට පියවර ගත්තා.