අමෙරිකානු ඩොලර් බිලියන 11 ක් වටිනා යුද අවි තොගයක් තායිවානයට අළෙවි කිරීම සදහා අමෙරිකාව සූදානම් වනවා.

රොකට් විදින යන්ත්‍ර, විවිධ මිසයිල ඇතුළු අවි ආයුධ රැසක් ඊට ඇතුළත් බවයි ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ.

මෙම අවි ගණුදෙනුව සදහා එක්සත් ජනපද කොංග්‍රසය මෙතෙක් අනුමැතිය ලබාදී නැහැ.

ඩොනල්ඩ් ට්‍රම්ප් යළි බලයට පත්වීමෙන් පසු තායිවානය සමග සිදුකරන දෙවන අවි ගණුදෙණුව මෙය වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.