රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශ වෙත විදෙස් රටවල් කිහිපයක් ආධාර ලබාදීමට එකඟතාවය පළ කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව අමෙරිකාවෙන්, ඕස්ටේ්‍රලියාවෙන් මෙන්ම ඉන්දියාවෙන් ද ඉදිරි වසර දෙක තුළ එම ආධාර හිමිවනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රට වෙනුවෙන් අවංකව වෙහෙස වී කටයුතු කරන සියලු නිලධාරින් ආරක්ෂා කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.