අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ එළිමහන් සාප්පු සංකීර්ණයක සිටි පුද්ගලයින් පිරිසකට තවත් පුද්ගලයෙකු විසින් ගිනි තැබීමෙන් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට සහාය දක්වමින් සංවිධානය කර තිබූ රැළියකට එක්ව සිටි පිරිසක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
බෝතල්වල දැමූ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයකට ගිනි තබා එම බෝතල් ජනතාව දෙසට විසි කරමින් ඔහු එම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ගිනිදැල් ජනතාව දෙසට විසි කරමින් “පලස්තීනයට නිදහස” යනුවෙන් කෑගසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එම ප්‍රාහරය එල්ල කර ඇත්තේ 45 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙක් වන මොහොමඩ් සබි්‍ර සොලිමන් නැමැත්තෙකු වන අතර අමෙරිකානු ආරක්ෂක අංශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යංශය පවසන්නේ එම ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.
සැකකරු වීසා නොමැතිව අමෙරිකාව තුළ රැඳී සිටි අයෙකු බවද අනාවරණ වී තිබෙනවා.
ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් සති දෙකක් ඇතුළත අමෙරිකාවේදී යුදෙව් ප්‍රජාවට එල්ල වූ දෙවන ප්‍රහාරය මෙය වනවා.
වොෂින්ටනයේ කැපිටල් යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකට සහභාගී වී සිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සේවය කළ තරුණ යුවලක් වෙඩි තබා ඝාතය කෙරුණේ පසුගිය මැයි 21 වනදායි.
එම වෙඩි තැබීම සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී “නිදහස් පලස්තීනය” යනුවෙන් කෑගැසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ එම සිදුවීම යුදෙව්වන් ඉලක්ක කරගත් භයානක යුදෙව් විරෝධී ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.