අමෙරිකාව විසින් පැනවූ තිරු බදු ලබන 07 වනදා සිට ක්‍රියාත්මක වීම ආරම්භ කරන බව ධවල මන්දිරය නිලවශයෙන් දැනුම් දී තිබෙනවා.

කැනඩාව සඳහා තීරු බදු සියයට 25 සිට සියයට 35 දක්වා වැඩි කිරීම ඉන්දියාවට සියයට 25ක තීරු බද්දක් පැනවීම, බ්‍රසීලයට සියයට 50ක තීරු බද්දකට මුහුණ දීමට සිදු ඇතැයි අනතුරු අඟවා තිබීම මේ අතර කැපී පෙනෙන තත්ත්වයක්.

එමෙන්ම චීනයට කිසිදු තීරු බද්දක් මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීමද ලෝකයේ කතාබහට ලක්වී තිබෙනවා.

මෙක්සිකෝවට පැනවූ ඉහළ තීරුබදු ක්‍රියාත්මක වීම තවත් දින 90ක් සඳහා අත්හිටුවා ඇති බවයි අමෙරිකාව පවසන්නේ.

මේ අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාව සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයද මේ වන විට ලෝකයේ දැඩි කතබහට ලක්ව තිබෙනවා.

එහිදී ට්‍රම්ප් පවසා තිබුණේ ඉන්දියාවේ ආර්ථිකය මැරුණු ආර්ථිකයක් බවයි.

මෙලෙස අමෙරිකාව විසින් ඉන්දියාවට සියයට 25ක තීරු බද්දක් පැනවීමට හේතු වී ඇත්තේ රුසියාව සමග ඇති කරගත් ගිවිසුමකට එරෙහි දඬුවමක් ලෙස බවයි පැවසෙන්නේ.