අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බදු සම්බන්ධයෙන් මේ වන විට පවතින්නේ උණුසුම් කතාබහක්.

සියයට 44ක පෙර පැවති බද්ද දැන් සියයට 30ක් දක්වා අඩු වී තිබෙනවා.

දැන් විපක්ෂය නඟන ප්‍රශ්නය වන්නේ එම අඩුවීම ප්‍රමාණවත්ද යන්න පිළිබඳවයි.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අමෙරිකාව විසින් මෙරටට පැනවූ බදු තවදුරටත් අඩු කර ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වන බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට පැනවූ නව බදු ක්‍රියාත්මක වීම දින 90කට අත්හිටුවා තිබෙනවා.