අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සියයට 20ක නව තීරු බද්දක් පනවා තිබෙනවා.
ඒ, මීට පෙර පැනවූ සියයට 30ක තීරු බද්ද තවදුරටත් අඩු කරමින්.
ඒ අනුව ශ්‍රී ලංකාව විසින් අමෙරිකාවට සිදු කරන අපනයන සඳහා පැනවූ මෙම නව තීරු බදු අද සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
ලොව රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය පසුගිය අප්‍රේල් දෙවැනිදා අන්‍යෝන්‍ය තීරුබදු හඳුන්වා දුන්නා.
එහිදී ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද ශ්‍රී ලංකාවට සියයට 44ක්.
ඒ, දෙරට අතර සියයට 88ක වෙළෙඳ හිඟයක් පවතින බවට සඳහන් කරමින්.
ඉහළම තීරුබදුවලට ලක්වූ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වුණා.
පසුව ශ්‍රී ලංකා බලධාරීන් අමෙරිකාව සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එම බද්ද සියයට 30දක්වා අඩු වුණා.
ධවල මන්දිරය විසින් මෙම නව සංශෝධිත බදු ප්‍රතිශතය ඇතුළත් නිවේදනයක් ද පසුගිය 09 වනදා මෙරටට දැනුම් දී තිබුණා.
එහි දක්වා තිබුණේ මෙම නව බදු පැනවීම අද සිට ක්‍රියාත්මක වන බව දන්වමින්.
එහෙත් විදෙස් මාධ්‍ය උපුටා දක්වා ඇති ධවල මන්දිරය ප්‍රකාශයට පත් කළ නවතම තීරුබදු ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බද්ද සියයට 20ක්.
අමෙරිකාව විසින් පැනවූ තීරු බදු අඩුකර ගැනීම සඳහා ලංකා රජය අවස්ථා කිහිපයකදී අමෙරිකාව සමග සාකච්ඡා පැවැත්වුවා.