Published
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව සඳහා සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙනවා.
දෙවන මට්ටමේ සංචාරක උපදේශනයක් ලෙස නිකුත් කර ඇති නව යාවත්කලීන කිරීමේදී උපදේශන මට්ටමේ වෙනසක් සිදුකර නැහැ.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ විරෝධතා ඕනෑම වේලාවක සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඒ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කළ යුතු බවයි එම උපදේශනය මගින් පෙන්වා දී ඇත්තේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල සංචාරය කිරීමේදී බිම් බෝම්බ අවදානම හේතුවෙන් හොඳින් භාවිත කරන මාර්ගවලින් බැහැරව ගමන් කිරීමෙන් වලකින ලෙසද එම උපදේශන මාලවේ දක්වා තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව සඳහා සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කළ නිවේදනය පහතින්.



