Published
අමෙරිකාව සමග නව වෙළඳ ගිවිසුම් සඳහා එළඹීමේදී එරටින් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති බදු පහත හෙළිය යුතු බව ආර්ථික විද්වතුන් පවසනවා.
ඒ හරහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ද පහත දමනු ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය, වසන්ත අතුකෝරළ මහතා කියා සිටියේ.
එමෙන්ම තීරු බදු සහනය ලබා ගැනීම සඳහා අමෙරිකාව සමග තවදුරටත් සාකච්ඡා සිදු කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර, මෙරට අපනයන වෙළඳාම තවදුරටත් ශක්තිමත් කිරීමටත් රටට අත්‍යවශ්‍ය දේ පමණක් ආනයනය කිරීමටත් රජය පියවර ගත යුතු බවයි මහාචාර්ය, වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසුවේ.