අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බදු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමට අපේක්‍ෂා කරන බව රජය පවසනවා.
ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලබන සිකුරාදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 30ක බද්ද තවදුරටත් අඩු කර ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබෙනවා.
එළඹෙන අගෝස්තු පළමුවනදාට පෙර ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ අරමුණ බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද පැවසුවේ ශ්‍රී ලංකාවට අමෙරිකාව සමග තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් නිර්මාණය වී ඇති බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පළමුව සියයට 44ක බද්දක් පැනවුවා.
පසුව එය සියයට 30 දක්වා අඩු කෙරුණා. අමෙරිකාව සමග අවසන් එකඟතාවකට පැමිනීමට නොහැකි වුවහොත් එම බද්ද අගෝස්තු පළමුවනදා සිට ක්‍රියාත්මක වනු ඇති.