Published
රුසියා - යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. එම හමුව අගෝස්තු 15 වනදා සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ, ඇලස්කාවේදීයි. කෙසේවෙතත් දෙරටේ නායකයින් හමුවන ස්ථානය පිළිබඳ මෙතෙක් නිශ්චිතව සඳහන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් එක්සත් ජනපද භූමියකදී මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීමට හමුවන්නේ වසර 6කට පසුව වීම විශේෂත්වයක්.