Published
පවතින අධික වර්ෂාපතනය හමුවේ අඹේවෙල ජලාශයේ ආරක්ෂාව වෙනුවෙන් වාන් දොරටු සියල්ලම අද 25 පස්වරුවේ අඟල් හතර බැගින් විවෘත කිරීම සිදුකළ බව වාරි මාර්ග ඉංජිනේරුවෝ පවසනවා.
වැසි තත්ත්වය තවදුරටත් වැඩි වුවහොත් ජල මට්ටම ඉහළ යාම සලකා අගල් හයක් දක්වා වාන් දොරටු විවෘත කිරීම ඉහල නංවන බවද වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසනවා.
මේ හේතුවෙන් අග්ර ඔය හරහා ජලය ආගරපතන, ඩයගම ළිඳුල,ආගරපතන හරහා කොත්මලේ දක්වා බැස යන බැවින් අදාළ ප්රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවද ඉංජිනේරුවෝ පවසනවා.




