ලබන වසර සදහා ජනතාවට බර අඩුවන අයවැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව පිළිබද අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

අයවැය හරහා ලබන වසරේ හෝ ජනතාවට සහනයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසුවේ.

ලබන වසර සදහා ඉදිරිපත් කෙරෙන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අදහස් පළ කළා. මේ, එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා.

කෙසේවෙතත් අයවැය සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදු කරන ප්‍රකාශවලට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.