Published
මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනාව තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් හෙට දිනයේ දිවයින පුරා සියලුම රෝහල්වල වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසනවා.
ඒ අනුව හෙට දිනයේදි සියලුම රෝහල්වල වෛද්‍ය අනුමැතීන් ලබාදෙන සියලු කටයුතු ඇණහිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.




