Published
ජාතික ජන බලවේගයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පරාජයන් ආණ්ඩුවේ ගමනට කිසිදු බලපෑමක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්. එහිදී පළාත් පාලන ආයතනවල අයවැය පරාජය, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ගමන් මඟ වැනි තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් සෘජුව ප්‍රශ්න කෙරුණා.




