Published
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික සුළං සහ වර්ෂාව හේතුවෙන් හැටන්, රුවන්පුර සහ විග්ටන් ඇතුලු වතු ගණනාවකට විදුලි බලය ඇණ හිට තිබෙනවා.
හැටන් – රුවන්පුර, විග්ටන් මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අද අලුයම සිට උදෑසන දක්වා බාධා එල්ල වී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ගස කඩා වැටීමත් සමග මාර්ගය අසල තිබූ අධි බලැති විදුලි රැහැන් පද්ධතියකට ද හානි සිදුව තිබෙනවා.
අවදානම් සහිත ගස් කපා දැමීම සඳහා හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කටයුතු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.