Published
මිද්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය, ‘ටැල්ක්’ නමැති ඛනිජ වර්ගය බවට අනුමාන කරන බව විද්වතුන් පවසනවා. එම ඛනිජ වර්ගය මීට පෙර කාන්තාවන් භාවිත කරන පව්ඩර් නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වූ අතුල සේනාරත්න මහතා පැවසුවේ.
කෙසේවෙතත් ‘ටැල්ක්’ ඛනිජ වර්ගයෙහි මත්වන ස්වරූපයක් නොමැති බවයි ඔහු පැවසුවේ. ‘ටැල්ක්’ ඛනිජ වර්ගයේ විශේෂත්වය සම්බන්ධයෙන් ද මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැහැදිලි කළා.