ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා.

එම ධීවර යාත්‍රාවේ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තිබී සොයාගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ නාවික මෙහෙයුමකදී එම ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනුණේ ඊයේ දිනයේදීයි.

එම යාත්‍රාව භාරයට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කළ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් අදාළ යාත්‍රාව දෙසට ළඟාවී ඇත්තේ නාවික හමුදාවට අයත් දිගුදුර නාවික නෞකා යොදාගනිමින් බවයි නාවික හමුදාව පැවසුවේ.

අදාළ යාත්‍රාව සහ යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු ද සිය භාරයට ගැනීමටයි නාවික හමුදාව කටයුතු කර තිබුණේ.