Published
මෝදර, ඉබ්බාවත්ත හන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කළ වැටලීමකදීයි.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි ඇයගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් හමුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන සැකකරුවෙකුගේ කොළඹ 13 ප්‍රදේශයේ නිවසක්ද පරික්‍ෂා කළ බවයි පොලීසිය පැවසුවේ.
එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 745ක්, විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වරයක් හා ඊට යොදන පතරොම් 05ක්ද සොයා ගෙන තිබෙනවා.
සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවට අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.