Published
ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලය පැවති අවස්ථාවේදී පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතීඥ නුවන් බෝපගේ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
නීතීඥ නුවන් බෝපගේ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු සලකා බැලීමෙන් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, සෝභිත රාජකරුණා සහ සම්පත් විජයරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කරන ලෙස දන්වා අධිකරණය විසින් නොතිසි ද නිකුත් කළා.