මෙරට රත්‍රං මිල සුළු අගයකින් පහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 1,000කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ඊයේ දිනයේ දී රු. 294,000ක් ලෙස දැක්වුණ "කැරට් 22" රන් පවුමක මිල රු. 293,200ක් දක්වා පහළ ගොස් තිබේ.

රු. 318,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 317,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ පෙන්නුම් කරන්නේ