Published
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා අගෝස්තු මස 01 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
මෙම පෙත්සම කැඳවනු ලැබුවේ මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අශෝක් බරන් මහතා කරුණු ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ වැඩිදුර කරුණු සලකා බැලීම අගෝස්තු මස 01 වනදා දක්වා කල් තැබීමටයි.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.