Published
වී මිලදී ගැනීම සඳහා රජයේ වී ගබඩා විවෘතව පවතිනවා යැයි රජය පැවසුවද ප්‍රදේශ රැසක ඇතැම් ගබඩා තවමත් විවෘත කර නොමැති බව ගොවි සංගම් තවදුරටත් චෝදනා කරනවා.
මෙම තත්ත්වය හමුවේ ඇතැම් ව්‍යාපාරිකයින් ගොවීන් ළඟටම පැමිණ අඩු මිලට වී රැගෙන යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් රජයේ ඇතැම් වී ගබඩා මෙතෙක් විවෘත නොකිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
ගොවීන්ට මෙවර තවත් අවස්ථාවක් ලබා දී ඇති බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.