රු.10,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගත් දෙහි අත්තකණ්ඩිය බිට්ටු වන නිලධාරීයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දෙහි අත්තකණ්ඩිය, ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි

පැමිණිලිකරු විසින් තේක්ක දැව ඉරීම සඳහා ලබාගත යුතු බලපත්‍ර දෙකක් සකස් කර දීමේ කටයුතු කරදීමට අවශ්‍ය නිර්දේශය ලබා දී එම බලපත්‍ර ලබා දී එම බලපත්‍ර දෙක ලබා දීමට කටයුතු කර දීම වෙනුවෙන් එක් බල පත්‍රයක් සඳහා රු.5,000/-ක් බැගින් බලපත්‍ර දෙකට රු.10,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ අල්ලස් චෝදනාව මත එලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර සිටියේ.

අද දින දෙහි අත්තකණ්ඩිය බිට්ටු වන නිලධාරී කාර්යාලයේ පිටුපස පිහිටි කැලෑ කොටසෙ දී අත් අඩංගුවට ගන්නා ගනු ලැබූ අතර අත්අඩංගුවට ගන්නා ලද සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි