රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අත්තනකඩවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව දියබෙදුම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දියබෙදුම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවය කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙක්.
අදාළ පැමිණිලිකරු විසින් ඔහුට අයත් යතුරුපැදියෙන් පසුගිය 09 වනදා ගමන් කරමින් සිටියදී එම යතුරුපැදිය අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා නවතා පරීක්ෂා කර තිබෙනවා.
එහිදී වලංගු රියදුරු බලපත්‍රයක් හා ආදායම් බලපත්‍රයක් නොමැතිව, බීමත්ව ධාවනය කිරීමක් ඔවුන්ට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර පැමිණිලිකරුගේ යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ කල්ඉකුත් වූ ආදායම් බලපත්‍රය සැකකාර පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.
එම බලපත්‍ර දෙක ආපසු ලබාදීම සඳහා රුපියල් 5,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



