2014 වසරේදී අවිධිමත් ආකාරයට සිය දරුවා කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකට ඇතුළත් කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව ලැබුණු පැමිණිල්ල සම්බන්ධ විමර්ශන අවසන් කළ බව අල්ලස් කොමිසම පවසනවා.
ඒ අනුව මෙම දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන් හි අක්‍රමිකතාවයක්, පක්ෂග්රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුව නොමැති බවයි කොමිෂන් සභාව පැවසුවේ.
කොමිෂන් සභාව පවසන්නේ සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනාගේ විධානය පරිදී මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සිදුකළ බවයි.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් වූ බැවින් ඒ පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දී කඩිනමින් විමර්ශනය කළ බවද අල්ලස් කොමිසම පවසනවා.
ඒ අනුව අදාළ විමර්ශනයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත මෙම දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුව ඇති බව නිරීක්ෂණය වූ බවයි එම කොමිසම වැඩිදුරටත් පැවසුවේ.




