පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා.

නිසි පරීක්ෂාවකින් තොරව පිට කළ බව කියන කන්ටේනර් 323 සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

අල්ලස් කොමිසම හමුවට යාමට පෙර උදය ගම්මනිපිල මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.