Published
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත සිදු කරන ලද විමර්ශනයකට අදාළවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, ගොරකපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අදාල සැකකරු පානදුර නගරයේ බස් නැවතුම්පල ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




