Published
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී රු. 10,000/- ක අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධව තැරැව්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යලය අසල දී.
යතුරු පැදියක අනු ලියාපදිංචි සහතිකය, මුල් ලියාපදිංචි සහතිකය ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මගින් සංශෝධනය කරවා දීමට අල්ලස් වශයෙන් රු. 30,000/- ක මුදලක් ඉල්ලා එකී මුදලින් ලේඛණ භාරගත් අවස්ථාවේ අත්තිකාරම් මුදල් වශයෙන් රු. 10,000/- ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ දී, එම කාර්යාලයට යාබද ගජබා මාවතෙහි කඩ කාමරයක් තුළදී මෙම තැරැව්කරු අත්අඩංගුවට ගෙනේ තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.