අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා.

ඉන් අනතුරුව එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියම වුණේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය එම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අදිකරණ වාර්තාකරු පැවසුවේ.